ගැටළුව විසඳගන්න උතුරේ මහඇමති ආගමික නායකයින් හමුවේ

Saturday, 17 June 2017 - 12:42

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
උතුරු පළාත් සභාවේ බහුතර බලය රැක ගැනීමේ උත්සාහයක නිරත වන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් උතුර පළාත් ආගමික නායකයින් හමුවී තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේදියි.

එම හමුවෙන් පසු උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය නිළ නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ උතුරු පළාතේ උද්ගතව ඇති තත්ත්වය පිළිබදව ආගමික නායකයින් දැනුවත් කළ බවයි.

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවඥානම් ශ්‍රීධරන් සහ චාල්ස් නිර්මලනාදන් සමඟ ද ප්‍රධාන අමාත්‍යවරයා සාකච්ඡාවක නිරතව තිබෙනවා.

එහිදී ප්‍රධාන අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන්නේ මෙම ගැටළුව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සමඟ සාකච්ඡා කරන බවයි.

ඉන් පසුව නැවත ප්‍රධාන අමාත්‍යවරයා හමුවීමට ද ඔවුන් එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත්, උතුරු පළාත් සභාවේ බහුතර බලය මේ වන විටත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට හිමි වෙමින් පවතින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

ඔහු කියා සිටියේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි.

ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජී. ජයතිලක කියා සිටියේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බවයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 21 දෙදෙනෙකු පසුගිය 14 වන දා දිවුරුම් ප්‍රකාශයක් මගින් පළාත් ආණ්ඩුකාරවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා.

එහිදී ඔවුන් කියා සිටියේ දූෂණ චෝදනා එල්ල වූ පළාත් අමාත්‍යවරුන් දෙදෙනෙකුට එම ධුරවලින් ඉවත් වන ලෙසටත්, තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු මසක අනිවාර්ය නිවාඩු ගැන්වීමටත් ප්‍රධාන අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.

මෙම විශ්වාසභංග යෝජනාවට විරෝධය පළ කරමින් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ අත්සන් යුතුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත තවත් යෝජනාවක් පෙරේදා ඉදිරිපත් කළා.

ඒ, පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තවදුරටත් එම තනතුරේ රැඳී සිටිය යුතු බව පවසමින්.

මේ අතර, ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට විරෝධය පළ කරමින් ඊයේ උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක වූ අතර, එහිදී ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories