එජාප - නිදහස් පක්ෂ හමුවක් සඳුදා

Saturday, 17 June 2017 - 12:46

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අනිද්දා පැවැත්වෙනවා.

සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කමිටුවක් ද පත් කර තිබෙනවා.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, සරත් අමුණුගම සහ දුමින්ද දිසානායක ද ඊට ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories