පිරිසක් සිවඥානම් ඉල්ලයි - සම්බන්ධන්, විග්නේෂ්වරන්ට ලියයි

Saturday, 17 June 2017 - 19:05

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමාට විරුද්ධව ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය ඉල්ලා අස්කර ගතහොත් උතුර පළාත් සභාවේ මතුව ඇති ගැටළුව විසඳා ගැනීමට හැකියාවක් පවතින බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ උතුර පළාත් සභාවේ මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් අද ආගමික නායකයින් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර උතුර පළාත් සභාවේ මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් විසින් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් වෙත  ලිපියක් යොමුකර තිබෙනවා.

ඔහු එමඟින් ප්‍රකාශ කර ඇත්තේ චෝදනා ඔප්පු වූ අමාත්‍යවරුන් දෙදෙනා හැර පළාත් සභාවේ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ ප්‍රකාශයන් වහාම නිවැරදි කළ යුතු බවයි.

විමර්ශනවලින් චෝදනා ඔප්පු වූ අමාත්‍යවරුන් දෙදෙනාට ඉල්ලා අස්වීමට කර ඇති යෝජනාවට කිසිවෙකුත් එරෙහි නොවන බවද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් උතුර පළාත් මහ ඇමතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීධරන් සහ චාල්ස් නිර්මලනාදන් සමගද ඊයේ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සාකච්ඡාවක නිරතවුණා.

එහිදී මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සමග සාකච්ඡා කරන බවයි.

එසේම අද පස්වරුවේ ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් උතුර ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසුණා.

මේ අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරමින් ප්‍රධාන අමාත්‍යවරයාට විරුද්ධව දිවුරුම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන් පිරිසක් අද යාපනයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඔවුන් කියා සිටියේ උතුරට නව ප්‍රධාන අමාත්‍යවරයෙක් පත් කරගැනීම පිළිබඳ මේ වනවිට සාකච්ඡා කරන බවයි.

එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී කේසවන් සජන්දන් කියා සිටියේ නව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුර පළාත් සභාවේ සභාපතිවරයා ලෙස දැනට කටයුතු කරන සී.වී.කේ. සිවඥාණම් පත්කරන ලෙස මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉල්ලා ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories