ගාස්තු ගැන ත්‍රීවිල් සංගම් කඹ අදී

Sunday, 18 June 2017 - 7:48

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B9+%E0%B6%85%E0%B6%AF%E0%B7%93
කිසිදු හේතුවක් මත ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයක් මේ මොහොතේ සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි කැදවුම්කරු සුදිල් ජයරුක් සඳහන් කළේ ඇතැම් ත්‍රිරෝද රථ සංගම් රජය අපහසුතාවට ලක් කිරීමට ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ අමතර කොටස්වල මිල ඉහළ යාම ඇතුලූ ගැටළු කිහිපයක් හේතුවෙන් ත්‍රිරෝද රථයක පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව ලබන මස 10 වන දා සිට රුපියල් 10කින් ඉහළ දමන බවයි.   

එහෙත් කිසිදු හේතුවක් මත ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව බහුතර වෘත්තිය සමිති සංගම් තම සංගමයට ප්‍රකාශ කර ඇති බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ කැදවුම්කරු සුදිල් ජයරුක් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories