ඩෙංගු අර්බුදයක් වන ලකුණු - ජාතික රෝහලට දිනකට උණ රෝගීන් 60 ක්

Sunday, 18 June 2017 - 12:52

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+60+%E0%B6%9A%E0%B7%8A
ඩෙංගු රෝගය පැතිර යාමත් සමග දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් සියල්ලම පාහේ උණ රෝගීන්ගෙන් පිරී පවතිනවා. ඇතැම් රෝහල්වල ඒ සඳහා ප්‍රමාණවත් ඇඳන්, වෛද්‍යවරුන් සහ හෙදියන්ද නොමැති බවටයි වාර්තාවන්නේ.

 මේ වසරේ මුල් මාස හය තුළ පමණක් ඩෙංගු මරණ සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් ඇති අතර, රෝගීන් සංඛ්‍යාවද 63 987 ක් දක්වා ඉහළ වර්ධනය වී තිබෙනවා.

මෙලෙස ඩෙංගු රෝගය ජාතික ආපදා තත්ත්වයක් බවට පත් වීමට මෑතකදී ඇතිවූ ජලගැලීම් වැනි අනෙකුත් ස්වභාවික ආපදාවන්ද හේතුවුණා.

 මේ වනවිට කොළඹ ජාතික රෝහලට දිනකට උණ රෝගින් 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ. එමෙන්ම ඇඳන් 100 කට රෝගීන් 115 ක් සිටින බවද අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මහනුවර මහ රෝහලේ ද මේ වනවිට ඩෙංගු රෝගීන් 105 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ හෙදියන් සහ වෛද්‍යවරුන් හිඟකම හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේදී ගැටලූ සහගත තත්වයක් ද උද්ගතවී ඇති බවයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මේ මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 216 ක් වාර්තා වී ඇති බවයි.

 කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා  ඕස්ට්‍රේලියාවේ නවතම සොයාගැනීමක ප්‍රතිඵල ශ්‍රී ලංකාවට නුදුරේදීම හිමිවනු ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories