සම්බන්ධන්ට විග්නේෂ්වරන්ගෙන් යළි ප්‍රතිචාර

Monday, 19 June 2017 - 8:02

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB
චෝදනා එල්ල වී නොමැති උතුර පළාත් අමාත්‍යවරුන්ගේ වගකීම තමාට භාර ගත නොහැකි බවට දෙමළ ජාතික සන්ධාන නායක, ආර්. සම්බන්ධන් සිදුකළ ප්‍රකාශයට පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පෙරේදා ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගෙන් චෝදනා එල්ලවී නොමැති උතුර පළාත් අමාත්‍යවරුන්ගේ වගකීම භාරගන්නේදැයි විමසා තිබූ අතර, ඊට ඊයේ ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා පිළිතුරු ලබාදී තිබුණා.

කෙසේ වෙතත් එම ලිපියට උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

චෝදනා එල්ල වී නොමැති අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද සිදුකෙරෙන පරීක්ෂණ සඳහා බාධා නොකරන ලෙස තමන් එම අමාත්‍යවරුන් වෙත දැනුම් දුන් බවයි ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා යොමු කළ ලිපියෙහි තවදුරටත් දැක්වුණේ.

 ප්‍රධාන අමාත්‍යවරයාගේ පරස්පර විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් පළාත් සභාව තුළ මෙම අර්බුදය මතු වී ඇති බව ද එම ලිපියේ තවදුරටත් සඳහන්.

ඇමතිවරුන් සම්බන්ධයෙන් වගකීමක් භාර ගන්නේ කොහොමද කියලා සම්බන්ධන් ප්‍රශ්න කරලා තියෙනවා.

ඒ ගැන මම දැන් කල්පනා කරනවා. අපේ අනෙකුත් පක්ෂ එක්කත් ඒ ගැන සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඒ ප්‍රශ්නෙට විසදුමක් ලබාදීමේ වගකීම මගේ අතේ කියලා සම්බන්ධන් කියලා තියෙනවා. ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ කිසිම බාධාවක් නැතුව එයාලගේ ඇමතිකම් කරගෙන යන්න ඉඩදීම කියලයි මං හිතන්නේ.

එහෙම අවස්ථාව ලබාදීමෙන් ගැටළු මතුවෙන්න පුළුවන්. දැනටමත් අපිට සමහර තොරතුරු ලැබිලයි තියෙන්නේ. ඒවා දැන්ම කියන එක හරිද කියලා මම දන්නේ නෑ. පහුගිය 14 වැනිදා ඇමතිවරු සම්බන්ධයෙන් තිබුණු චෝදනා ගැන පළාත් සභාවේදි මගේ ස්ථාවරය කිව්වට පස්සේ එදිනම රාත්‍රියේ ඇමති කාර්යාවල තිබුණු ලියකියවිලිත් අතුරුදන් වෙලා තියෙනවා.

මේව ගැන විමර්ශන කරන කොට ඒ දේවල්වල වගකීම භාර ගන්නේ වෙන්නේ ඒ ඒ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ට. මේ ඇමතිවරු ඒ දෙපාර්තමේන්තුවල දිගටම ඉන්නකොට ප්‍රකාශ ලබාදෙන්න නිලධාරීන් බය වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න මතුවෙයි කියලා තමයි ඒ ඇමතිවරුන්ව අමාත්‍යාංශ වලින් නිවාඩු යවන්න  ඕන කියලා තීරණය කළේ. ඒක වෙනස් කරන්න කියලා දැන් කියනවා. එහෙම කොහොමද මේ ප්‍රශ්නෙ විසදන්නේ.

දුෂණ සහ වංචා හේතුවෙන් උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම සහ අධ්‍යාපන ඇමතිවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට පසුගිය දා පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කටයුතු කළ අතර, ප්‍රවාහන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක් නිවාඩු ලබාදී තිබුණා.


මෙම තත්ත්වයට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය විරෝධය පළ කළ අතර, ඉන් අනතුරුවයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතුව පළාත් ආණ්ඩුකාරවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් භාර දෙනු ලැබුවේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories