සරසවි සිසුන්ට පොලිසිය පහරදීම ගැන පාර්ලිමේන්තු විවාදයක්

Thursday, 22 June 2017 - 14:05

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සයිටම් ගැටලූව මුල් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වෙනවා.

පස්වරු 4 යි 30 ට එම විවාදය ආරම්භ වන බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙම ඉල්ලීම කතානායකවරයාට ඉදිරිපත් කළ අතර, ඊට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ද එකගතාවය පළ වුණා.

මේ අතර, ඊයේ දිනයේ සරසවි සිසුන්ට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය දීර්ඝ කිරීම පිළිබද අවසන් තීරණයක් ගැනීමට මීට පැය කිහිපයකට පෙර රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීම තවදුරටත් පැවැත්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories