බැඳුම්කර කොමිසමේ කාලය ජුලි 27 න් අවසන්

Friday, 23 June 2017 - 7:41

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%E0%B7%92+27+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
වත්මන් රජය ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ කාලය ජුලි මස 27 වනදායින් අවසන්වීමට නියමිතයි.

එම කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය සඳහන් කළේ මේ වනවිට සාක්ෂි ලබාදීම සඳහා කොමිසමට පුද්ගලයින් තිස් දෙනෙකු පමණ පැමිණ ඇති බවයි.

ඊට දේශපාලනඥයින්, රජයේ නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ කිහිප දෙනෙකුද ඇතුළත් බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පවතින වාර්තා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවා.

ඊට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී.චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන අය ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories