චීනයේ නාය යාමක් - 100ක් අතුරුදන්

Saturday, 24 June 2017 - 8:47

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+100%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ අද අලුයම සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ නිවාස 40ක් පමණ මෙහිදී නාය යාමෙන් වැළලී ඇති බවයි.

සිචුවාන් ප්‍රාන්තයේ මා ඕෂියැං ප්‍රදේශයේ කන්දක් මෙලෙස නාය යාමට ලක්ව ඇති අතර, ඒ අසලින් ගලා බසිනා ගංඟාවක කිලෝමීටර් 2ක පමණ ප්‍රදේශයක් ද මේ නිසා අවහිර වී ඇති බව සඳහන්.

ටිබැටය ආසන්නයේ පිහිටි මෙම ප්‍රදේශය අබා ලෙස ද හැදින්වෙන අතර නාය යාම ඇති වී තිබෙන්නේ ප්‍රදේශයට ලැබුණු දැඩි වර්ෂාපතනයකින් අනතුරුවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories