පින්නවල ගිය අලි ඇමතිට විරෝධයක්

Saturday, 24 June 2017 - 18:12

%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් වෙනත් ස්ථානවෙත රැගෙන යාමට ඉඩ ලබානොදෙන බව පවසමින් ප්‍රදේශවාසීන් තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාට අද (24) විරෝධය පළ කළා.

ඒ පෙරහර සදහා අලි පුහුණු කිරීමේ වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදීයි.

පෙරහර සදහා මතුව ඇති හීලෑ අලි හිගය පියවීමට අලි පුහුණු කිරීමේ කටයුතු අද පින්නවල අලි අනාථාගාරයේදී ආරම්භ වුණා.

ඒ අනුව අද දිනයේ අලි 5 දෙනෙකු පුහුණු කිරීමේ කටයුත්ත ආරම්භ වුණු අතර, තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මෙන්ම අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ චම්පිකා ප්‍රේමදාස එම අවස්ථාවට එක්ව සිටියා.

එහෙත්, ඊට එක්වීම සදහා රඹුක්කන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහට ආරාධනා කර තිබුණේ නැහැ.

එහෙත්, මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණි අතර, එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එම උත්සවයට සමගාමීව මාවනැල්ල - අලූත්නුවර දේවාලයේ සිටින අලියා පින්නවල අලි අනාථාගාරයට භාරදී වෙනත් අලියෙකු දේවාලයට භාර කිරීම ද මෙහිදී සිදුවුණා.

උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඔහුගේ මෝටර් රථය හරස් කරමින් විරෝධතාවය දැක්වූවා.

විරෝධතා මධ්‍යයේ අමාත්‍යවරයා පිටව ගිය අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන්ට කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories