දඹුලූ විහාරයේ ටිකට් ප්‍රශ්නය අදත්

Saturday, 24 June 2017 - 18:16

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A
රංගිරි දඹුලූ විහාරය රජයට පවරා ගැනීමේ සූදානම පිළිබදව මේ වනවිට මතුව ඇත්තේ පුළුල් සංවාදයක්.

මෙරට ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් නව නීතිරීති ගෙන එන්නේ නම් ඒ පිළිබදව මහානායක හිමිවරුන් සමග සාකච්ඡා සිදුකළ යුතු බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද (24) ප්‍රකාශ කළා.

ඒ අද අස්ගිරි මහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අප මෙම ගැටලූව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් විමසීමක් කළා.

අමාත්‍යවරයා කියා සිටියේ විහාරස්ථානයේ පවතින ගැටලූ පිලිබදව මහා සංඝරත්නය සමග සාකච්ඡා කර ඇතැම් තීරණවලට එළඹුනු බවයි.

කෙසේ වෙතත්, රංගිරි දඹුලූ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමියන් අස්ගිරි මහා විහාරයේ අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පමණක් තමන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ විහාරස්ථානයේ අභිවෘද්ධිය මෙන්ම අනෙකුත් විහාරස්ථාන ද නගා සිටුවීමේ අරමුණින් තමන් අදාළ යෝජනා ඉදිරිපත් කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories