හුංගම රිය අනතුරකින් 3 ක් ජීවිතක්ෂයට (ඡායාරූප)

Sunday, 25 June 2017 - 6:40

%E0%B7%84%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට හුංගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  

ත්‍රී රෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 3 දෙනෙක්.

ඔවුන් අවුරුදු 40 / 34 සහ 19 වයස්වල පසුවනවා.

මියගිය පිරිස අතර පියෙකු සහ ඔහුගේ පුත්‍රයාද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

අලුයම 3.30 ට පමණ කොළඹ කතරගම මාර්ගයේදී තංගල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක් සහ කතරගම දෙසට ධාවනය වු ත්‍රී රෝද රථයකුයි මෙලෙස එකිනෙක ගැටී ඇත්තේ.

අනතුරට ලක්වන විට එහි පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇතැයි සඳහන්.

තුවාල ලැබු ළමුන් දෙදෙනෙකු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.





ඡායාරූප - හම්බන්තොට රාහුල් සමන්ත


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories