update - පාකිස්තානයේ බහවල්පූර් ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළට

Sunday, 25 June 2017 - 10:15

update+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%84%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+132+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පාකිස්ථානයේ - බහවල්පූර් ප්‍රදේශයේදී අද අලූයම ඉන්ධන බවුසරයක් පෙරලී ගිනි ගැනීමට ලක්වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර ළමයින් 20 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න හේතුවෙන් තවත් පුද්ගලයින් 80 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ගින්න ඇති වූ ස්ථානයේ තිබූ මෝටර් රථ 6 කට සහ යතුරුපැදි 12 කට ද විශාල වශයෙන් හානි සිදුව තිබෙනවා.

ඉන්ධන බවුසරය පෙරලීමත් සමග ඉන්ධන එක්රැස් කිරීමට ජනයා එහි රොක්වීමට යාමේදී වැඩි වශයෙන් ජීවිත හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් සදහන් කළේ.

update :- Sunday, June 25, 2017 4.45 pm
---------------------------------------------------------

පකිස්ථානයේ ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගනී - 123 කට වැඩි පිරිසක් මරුට

පකිස්ථානයේ බහාවල්පුර් ප්‍රදේ්ශයේදී ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 123 කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.

තුවාල ලැබුවන් රෝහල් ගතකර තිබෙනවා.

අධිවේගී මාර්ගයක පෙරලී ගිය ඉන්ධන ප්‍රවාහන රථයකින් ඉන්ධන ලබාගැනීමට රැස්ව සිටි පිරිසක් තුවාල ලැබුවන් සහ මියගිය පිරිස අතර වන බව සඳහන්.

ඒ අතර සිටි ඇතැම් පිරිස් දුම් පානය කරමින් සිට ඇති අතර ගින්න ඇතිවන්නට ඇත්තේ එමගින් බවටයි විශ්වාස කෙරෙන්නේ.

ගින්න හේතුවෙන් යතුරුපැදි 75 ක් / මෝටර් රථ 4 ක් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ගින්නෙන් මියගිය පිරිස අනතුර සිදුවු ප්‍රදේශයේම පුද්ගලයන් බවට සැක කෙරෙන අතර ඔවුන්ගේ මෘත ශරීර හඳුනා ගැනීම සඳහා ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කරන බවයි පකිස්ථාන බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

මෘත ශරීර හඳුනාගත නොහැකි ආකාරයෙන් පිළිස්සීම ඊට හේතුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories