සයිටම් ගැසට් නිවේදනය ගැන ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්

Sunday, 25 June 2017 - 12:57

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය මගින් පනවා ඇති කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් සදහන් කළේ එම ගැසට් නිවේදනයේ අඩංගු කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බදවා ගැනීම නතර කරන අතර, උපාධි පිරිනැමීම ද නවතා දමන බවයි.

මේ අතර, සයිටම් ආයතනයේ පාඨමාලා වෛද්‍ය සභාව පිලිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම, සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සදහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම, මෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම සහ සයිටම් ආයතනය ගැන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට නීතිපති උපදෙස් ලබා ගැනීම යන තීරණ ක්‍රියාවට නංවන බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories