ත්රිරෝද රථ වේග සීමාව පැයට කිලෝමීටර් 40 දක්වා සීමා කිරීමට ඉදිරියේදී ගැසට් පත්රයක් ගෙන එන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ පවසනවා.
එමෙන්ම, ත්රිරෝද රථ බලපත්ර ලබාදීම ඒ සදහා වන එක්දින පුහුණු වැඩමුළුවලින් පසු සිදුකිරීමට ද අදාළ ගැසට් පත්රය තුළින් කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ.
මේ අතර, හම්බන්තොට - හුංගම - ලූනම ප්රදේශයේදී ටිපර් රථයක් සහ ත්රිරෝද රථයක් ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය සඳහන් කළේ අනතුරට ලක්වූ ත්රිරෝද රථයේ පුද්ගලයන් පස්දෙනෙකු ගමන් කර ඇති බවයි.
මේ අතර, හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්රදේශයේදී ත්රිරෝද රථ 3 ක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වටවල සිට හැටන් දක්වා ගමන් ගත් එක් ත්රිරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව පෙරලීයාමත් සමඟ තවත් ත්රිරෝද රථ දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

Follow US
Most Viewed Stories