දුම්රිය දෙපාර්තමේන්තුවත් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

Sunday, 25 June 2017 - 15:09

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ගාස්තු වැඩි වීමක් ඉල්ලා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අවසන් වරට දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුව ඇත්තේ 2008 වසරේදියි.

එම වසරෙන් පසු අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල ඉහළ ගිය ද ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බවයි දුම්රිය සහකාර වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොළගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

2015 වසරේ සියයට 20ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

නමුත් තවමත් ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව ජුලි මස 01 වන දා සිට වැඩි වන බස් ගාස්තුවලට සමගාමීව දුම්රිය ගාස්තු ද ඉහළ දැමිය යුතු බවටයි දුම්රිය සහකාර වාණිජ අධිකාරීවරයා සදහන් කළේ.

මේ අතර, ජුලි මස පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු ද සියයට 6.28 කින් ඉහල නැංවීමට පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

එමෙන්ම මේ වන විට ත්‍රිරෝද රථ සංගම්  කිහිපයක් ද දැනට පවතින ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 10 ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories