කතරගමදී කාන්තාවක් ඝාතනය කරයි

Monday, 26 June 2017 - 10:24

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කතරගම ප්‍රදේශයේදී  ඊයේ (25) රාත්‍රියේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සදහන් කළේ ඝතනයට ලක්වූ කාන්තාවගේ සිරුර කතරගම අංක 02 පාලම අසල තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.  

අදාල සිරුර මේ වනවිට කතරගම රෝහලේ තබා ඇති බව සදහන්.

මේ අතර ඊයේ දිනයේදී කතරගම ප්‍රදේශයේම 19 හැවිරිදි තරුණයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලස සියදිවි හානිකරගෙන ඇත්තේ කණ්ඩුල ප්‍රදේශයේ පදිංචි එච්. එම්. නිෂාන්ත නැමැති තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කතරගම පොලිසිය විසින් පවත්වනු ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories