තැපැල් වර්ජනය අඛණ්ඩව

Tuesday, 27 June 2017 - 12:54

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි කැදවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන්ට නිශ්චිත විසදුමක් ලබාදෙන තුරු මෙම වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘති සඳහා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

වර්ජනය හේතුවෙන් මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

ඊට අමතරව දිවයින පුරා තැපැල් කාර්යාල සේවකයින් අද දිනයේ වැඩ වර්ජනයේ නිරතවීම හේතුවෙන් එම කාර්යාලවල වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය ගිලන් රථ රියදුරන් ද මේ වන විට වර්ජනයක නිරත වනවා.  

වර්ජනය සම්බන්ධයෙන් සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අතර සාකච්ඡාවක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අමරබන්දු වඩුගේ කියා සිටියේ පළාත් සභාවල සෞඛ්‍ය ගිලන් රථ සේවය ස්ථාපිත කිරීමට බලධාරීන් ලබාදුන් පොරොන්දු කඩ කිරීම නිසා මෙම වර්ජනය ආරම්භ කළ බවයි.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් හෙට දිනයේදී රාජකාරී නිවාඩු වාර්තා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

විදුලිබල මණ්ඩල සේවකයින්ට මතුව ඇති ගැටළු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories