උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ හර්තාල් ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මකයි

Wednesday, 28 June 2017 - 14:11

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

බණ්ඩාරවෙල නගරයේ සියලූම කඩසාප්පු වසා දමා, කළුකොඩි ඔසවමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

විරෝධතාව හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ මගී ප්‍රවාහන කටයුතු ද ඇණ හිට තිබෙනවා.

බණ්ඩාරවෙල - හීල්ඔය, බණ්ඩාරවෙල - බදුල්ල, බණ්ඩාරවෙල - ඇටම්පිටිය සහ බණ්ඩාරවෙල - දියතලාව යන මාර්ග ඔස්සේ ප්‍රදේශවාසීන් විරෝධතා පාගමනකින් මේ වනවිට නගරයට පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, අදාළ විරෝධතාවය වළක්වාලන ලෙස ඉල්ලමින් පොලිසිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර, උමාඔය ව්‍යාපෘතිය නිසා මතුවී ඇති ගැටලූ පිළිබදව සොයා බැලීම සදහා අමාත්‍ය මණ්ඩලය කමිටුවක් පත් කර තිබෙනවා.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, විජිත් විජයමුනි සොයිසා එහි සාමාජිකයින් බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණ වුණේ.








 
ඡායාරූප - හපුතලේ, නයනානන්ද


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories