වෙල්ලස්සේ අක්කර 62,500 ක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පා පොල් ගසයි

Friday, 30 June 2017 - 13:02

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+62%2C500+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92
ඌව වෙල්ලස්සේ ඉඩම් අක්කර 62,500 ක් උක් සීනි කර්මාන්තය සදහා ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිව මහකඩවර පූජාවක් සහ පොල් ගැසීමක් අද (30) සිදුවුණා.

ඒ ඌව වෙල්ලස්ස බිම්තැන්න ගොවිබිම සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මහියංගනය - රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙහිගමදීයි.

මෙමගින් ඉපැරණි වාරි ශිෂ්ඨාචාරය ද අනතුරට ලක්වනවා සේම, වටිනා පරිසර පද්ධතිය හා පුරාවිද්‍යාත්මක ප්‍රදේශ ද විනාශ වී යන බවයි ඔවුන් එහිදී කියා සිටියේ.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, පරිසරවේදීන් සහ කලාකරුවන් පිරිසක්ද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories