කොටුවේ සයිටම් විරෝධී අට්ටාලය ගැන කරුණු දක්වන්න දෙමාපිය සංගමය අධිකරණයට

Friday, 30 June 2017 - 13:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%85%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කොළඹ - කොටුව දුම්රියපොල ඉදිරිපිට සත්‍යග්‍රහය සඳහා ඉදිකළ අට්ටාලය ඉවත් කර ගන්නා ලෙසට අධිකරණය කළ නියෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසනවා.

එම සංගමයේ උප සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

කොටුව පොලිස් ස්ථානය සහ දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ විසින් සිදුකළ ඉල්ලීමකට එම නියෝගය සිදුකළේ ඊයේ (29) දිනයේයි.

අට්ටාලය හේතුවෙන් පදික වේදිකාව අවහිර වී මගීන්ට හිරිහැර වන බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

කොටුව දුම්රිය පොල ඉදිරිපිට ඇති අට්ටාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබද සොයා බැලීම සදහා අද (30) එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද පැමිණ සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories