ලක්ෂ 77 කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

Monday, 03 July 2017 - 8:54

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+77+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කඩවත ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකට අයත් රුපියල් ලක්ෂ 77 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුලූ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත්  සැකකරුවන් අතර හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ද සිටින බවයි.

45 සහ 35 යන වයස්වල පසුවන ඔවුන්, රාගම සහ තංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙකු නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේම සේවය කරන පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු තණමල්විල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් වනවා.

අනෙක් සැකකරු රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු මීට පෙර කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකු බව පොලීසිය කියා සිටියා.

කොල්ලකන ලද රුපියල් 77 ලක්ෂ 80 000 ක මුදලින් 44 ලක්ෂ 51 000 ක් සොයාගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.

මෙම කොල්ලකෑමේ සිද්ධියේ විමර්ශන කටයුතු පිළිබඳව පැහැදිළි කිරීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී  රුවන් ගුණසේකර නුවරඑළිය පොලිස් ස්ථානයේ අද මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.  

පසුගිය මස මස 26 වනදා මෙම කොල්ලකෑම සිදුකර තිබුණේ රාගම - බැසිලිකා විදුහල ආසන්නයේදියි. වෑන් රථයකින් රැගෙන යමින් තිබූ අදාළ මුදල් තොගය මෝටර් රථයකින් පැමිණි පිිරිසක් කොල්ලකනු ලැබූ අතර, ඔවුන්  වෑන් රථයේ ටයර්වලට ද වෙඩි තබා තිබුණා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සී සී ටී වී දර්ශන සහ නවීන තාක්ෂණය ද උපයෝගී කරගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories