කැබිනට්ටුව උණුසුම් කරයි

Wednesday, 05 July 2017 - 7:36

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ බව කියන බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම පිළිබදව ද මෙහිදී විවිධ මත පළ වී ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අදාළ පරීක්ෂණ කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ හා විමර්ශන කණ්ඩායම්වල ඉහළ නිලධාරීන්ට ආණ්ඩුවේ ඇතැමුන්ගෙන් ලැබුණු උපදෙස් සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

මෙවැනි සිදුවීම් හරහා කවුරුන් හෝ ආණ්ඩුව කරගෙන යාමට ඉඩ නොදී දුර්වල කරන්නේ නම්, එය ලෙහෙසි කටයුත්තක් නොවන බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories