බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත, අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
ඔහු කියා සිටියේ මෙම කෙටුම්පතේ අන්තර්ගතය පැහැදිලි කර ගන්නා තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත්, අද දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද මෙම පනත් කෙටුම්පත ඇතුළත් කර තිබෙනවා.
මහනායක හිමිවරුන් ඊයේ බැහැදුටු හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක කියා සිටියේ අද දිනයේ මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ අතර, මෙම කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බල කරන සත්‍යග්‍රහයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ පැවැත්වුණා.
එය සංවිධාන කර තිබුණේ ජාතික සංවිධාන එකමුතුව සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයයි.

Follow US
Most Viewed Stories