ඒ. එස්. පී ලියනගේ කටාරයේ තානාපති ධූරය අත්හැරීමට සැරසෙයි

Wednesday, 05 July 2017 - 13:06

%E0%B6%92.+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%93+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කටාරයේ ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත් වීමට ඒ. එස්. පී. ලියනගේ සූදානම් වනවා.

ඔහුට අයත් කොළඹ පීකොක් මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ තමාට තානාපති ධූරයක් අවශ්‍ය නොවන අතර තමා ඉල්ලා සිටින්නේ ආණ්ඩුකාර ධුරයක් බවයි. තමාට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවශ්‍ය බවද ඒ. එස්. පී ලියනගේ මෙහිදී කියා සිටියා.

පසුගිය මාර්තු මස 10 වනදා ජනාධිපතිවරයා විසින් ඒ.එස්.පී. ලියනගේ කටාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.

ඔහු පසුගිය රජය සමයේ ද නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළා.

ඒ. එස්. පී. ලියනගේ වඩාත් කතා බහට ලක්වුණේ ඔහුට අයත් කොළඹ පිහිටි පීකොක් මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණයට ලබාදීමට තීරණය කර තිබීම සම්බන්ධයෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories