දකුණු මුහුදේදී ධීවර යාත්‍රා දෙකක් නෞකා දෙකක ගැටේ (ඡායාරූප)

Wednesday, 05 July 2017 - 13:39

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දකුණු මුහුදු සීමාවේදී ධීවර යාත්‍රා දෙකක් විශාල නෞකා දෙකක ගැටීමෙන් එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පසුගිය මස 30 වනදා කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙක්.

එසේම තවත් ධීවරයින් 4 දෙනෙකු සමඟ පෙරේදා දිනයේදී හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක් ද නෞකාවක ගැටී තිබෙනවා.  

කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාව ගොඩබිම සිට මුහුදු සැතපුම් විස්සක් පමණ දුරින් පසුගිය දෙවනදා නෞකාවක ගැටී පෙරලී ගොස් ඇති අතර, එහි සිටි ධීවරයින් 4 දෙනාගෙන් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇත්තේ වෙනත් යාත්‍රාවක උපකාරයෙන්.

ඉන් එක් ධීවරයෙකු මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට පත්වූ යාත්‍රාවේ ධීවරයින් 4 දෙනා දිවි බේරා ගෙන ඇත්තේ පිහිනමින් සිටියදී හම්බන්තොට ධීවර වරායෙන්ම මුහුදු ගිය තවත් යාත්‍රාවක උපකාරයෙන්.





ඡායාරූප - හම්බන්තොට, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories