පා ගමන් තුනකින් පැමිණි අන්තරේ අදත් රැළියක - කැඳවුම්කරු ඇතුලූ පස්දෙනාට ඇප නැහැ

Wednesday, 05 July 2017 - 18:52

%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී පොදු දේපලවලට හානි කිිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර ඇතුලූ සිසුන් 05 දෙනා මේ මස 19 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එසේම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම ද හෙට දිනය දක්වා යළි කල් දැමුණා.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පසුගියදා කොටුව දුම්රියපල ඉදිරිපිට අට්ටාලයක ආරම්භ කළ සත්‍යග්‍රහයද අද අවසන් කෙරුණේ් අධිකරණයට ලබාදුන් පොරොන්දුවක් මතයි.  

එමෙන්ම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර මේ වනවිට නුගේගොඩදී ජන රැළියක්ද පවත්වමින් සිටිනවා.

ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින්,  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සංවිධාන කිහිපයක නියෝජිතයින් එක්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.  

මේ අතර සයිටම් ආයතනයට සෙත් පතා බෙල්ලන්විල රජමහා විහාරයේදී එහි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව බෝධි පූජාවක් සංවිධාන කර තිබුණා.    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories