නියඟය නිසා මහ කන්නයත් අවදානම්

Thursday, 06 July 2017 - 12:37

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කාලගුණ තත්ත්වය අවිනිශ්චිත වීම හේතුවෙන් ඉදිරි මහ කන්නයේ වගා කටයුතු  සිදු කිරීම අවධානම් තත්ත්වයකට පත්ව ඇතැයි මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

මහවැලි බී කලාපයේ වැලිකන්ද නේවාසික ව්‍යාපෘති කලමණාකාර කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුනක කාලය තුල මධ්‍යම කඳුකරයට හැර සෙසු පළාත්වලට විධිමත් පරිදි වර්ෂාවක් ලැබී නොමැති බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී ගොවිතැන කන්න තුනකින් නිසි පරිදි සිදු කර නොමැති අතර උතුරු මැද පළාතේද කන්න 05ක් නිසි පරිදි වී වගාව සිදුකර නැහැ.

මේ නිසා ගොවීන්ට අවම ජල ප්‍රමාණයකින් වගා කළ හැකි වී වර්ග ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගත යුතු බව එහිදී ඔහු සඳහන් කළා.

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් හාර ලක්ෂයක් වගා කළ යුතු නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව නියං තත්ත්වය නිසා වගා කර ඇත්තේ හෙක්ටයාර දෙලක්ෂයක් පමණයි.

මේ අනුව මහ කන්නය සඳහාද ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණහොත් ඉදිරියේදී සහල්  හිගයක් මතුවිය හැකි දැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසා සිටියා.

ඔහු කියා සිටියේ මහ කන්නයේ වී වගාව සඳහා ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණහොත් වසර අවසානයේ හෝ ලබන වසර ආරම්භයේ සහල් හිගයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වනවිට අවධානයෙන් පසුවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මේ අතර උතුර සහ නැගෙනහිර පළාත්වලට පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් ඇතුළු කුඩා කලපු සිදීයාම ආරම්භ වී තිබෙනවා.

දැනටමත් නන්දිකඩාල් කලපුවේ කොටසක ජලය සිදීගොස් ඇති අතර මේ නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් 4800ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

නන්දිකඩාල් කලපුවේ මසුන් විශාල ප්‍රමාණයක් පසුගියදා මියගොස් තිබුණේද වියලි කාලගුණ තත්ත්වයක් සමඟ කලපු ජලය රත්වීම හේතුවෙන්.  

මේ හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ද ප්‍රමාද වූ  බවයි සඳහන් වන්නේ.

යතුරුපැදිකරු ගැටුණු සාගරිකා දුම්රියේ එන්ජිමේ සිදුවූ කාර්මික දෝෂයක් නිසා දුම්රිය සෙමින් ධාවනය කළ අතර කළුතර දුම්රිය ස්ථානයේ දී ඊට පිටුපසින් ධාවනය වූ රුහුණු කුමාරී ශීඝ්‍රගාමී දුම්රිය සාගරිකා දුම්රියට පෙර ධාවනය වීම නිසා සාගරිකා දුම්රියේ සිටි පිරිස් රුහුණු කුමාරි දුම්රියෙන් කොළඹ බලා සිය ගමන් පහසුකම් සලසා ගත්හ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories