උමා ඔය ව්‍යාපෘතියේ සියලු කැණීම් නතර කෙරේ

Thursday, 06 July 2017 - 21:02

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පවතින ජල කාන්දුවීම නවත්වන තෙක් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමග ආශ්‍රිත සියලු කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා නිවේදනය කරනවා.

එමෙන්ම උමං මාර්ගයේ පහළ අභ්‍යන්තරයේ ඇති විදුම් යන්ත්‍රයද ඉදිරි දින දහය ඇතුලත එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආශ්‍රිතව ඇතිවී තිබෙන ගැටළු විසදීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අදාල පාර්ශවකරුවන් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි සහ අනෙකුත් සහන ලබාදීම සදහා රුපියල් මිලියන 300 ක ප්‍රතිපාදන බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත වහාම නිදහස් කිරීමටද කටයුතු කෙරෙනු ඇති.

තක්සේරු ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා තක්සේරු දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර අවශ්‍ය අමතර තක්සේරු නිලධාරීන් යෙදවීමටද නියමිතයි.

2008 වර්ෂයේ ඉරාන රජයේ ආධාර මත ආරම්භ වූ උමා ඔය බහුකාර්ය ව්‍යාපාතිය හේතුවෙන් මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හා බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, ඇල්ල හා වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බලපෑම් එල්ලවී තිබෙනවා.

ව්‍යාපෘතියේ කැනීම් කටයුතු ආරම්භ කිරීමත් සමග පුහුල්පොල හා කරදගොල්ල ප්‍රදේශවල ජනතාවට සිදුවූයේ තම පාරම්පරික ඉඩම් අතහැර යාමටයි.

මෙම ඉදිකිරීම් හේතුවෙන් 2014 වර්ෂයේ දෙසැම්බර් 26 වනදා සිට මේ දක්වා නිවාස 1750 කට අධික සංඛ්‍යාවක් ඉරිතලා යමින් ළිං 386 ක ජලය සිදි යමින් උමා ඔය ව්‍යාපෘතිය ජනතාවට උරුමකර ඇත්තේ නිමාවක් නොමැති ගැටළු රැසක්.

උමා ඔය ව්‍යාපෘතියේ කැනීම් කටයුතුවලට විරෝධය පළ කරමින් පසුගියදා එම ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව ඇති ජනතාව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories