මහ සඟරුවන දැනුවත් කරන බව ජනපති කියයි

Friday, 07 July 2017 - 7:24

%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B6%9F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේ නම් ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එහිදී ඒ සදහා මහා සංඝරත්නයේ අදහස් සහ යෝජනා ලබාගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මහ නාහිමිවරුන්, අනුනායක හිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්වුණා.

ජනාධිපතිවරයාගේ ආරාධනය අනුව පැවති මෙම හමුවේදී ශාසනික වශයෙන් සහ ජාතික වශයෙන් වැදගත්වන කරුණු 7 ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකළ බවයි අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේ.

මෙම හමුව සඳහා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් මෙන්ම, රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ද එක්ව සිටියා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කිසිදු ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බවයි.

රට තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව සංවාදයක් මතුව තිබුණද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේ නම් රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරමින් එය සිදුකරන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories