කාන්තාවන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ කල්ලියක සාමාජිකයින් අත්අඩංගුවට

Friday, 07 July 2017 - 8:57

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කාන්තාවන්ගේ ගෙළ බැදි රන් මාල කොල්ලකා පලායාමේ ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ රුවන්වැල්ල - දැදිගම ප්‍රදේශයේදී මොවුන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෑගල්ල - රන්වල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලයක් සහ තවත් කාන්තාවකගේ රන් මාලයක් මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඊයේ කොල්ලකා පලාගොස් තිබුණා.

පසුව පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුවයි මෙම පුද්ගලයින් තුන්දෙනා සහ කොල්ලකෑම සදහා උපයෝගි කර ගත් මෝටර් රථය සමගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories