ගීතාගේ පෙත්සමට මැදිහත් වීමට පියසේනට අවසර

Friday, 07 July 2017 - 13:46

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත්වීමට හිටපු අමාත්‍ය පියසේන ගමගේට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නා.

එසේම පෙත්සමේ 4 වන වගඋත්තරකරු ලෙස ඔහු  නම් කිරීමට ද අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව අභියාචනාධිකරණය පසුගිය දා ප්‍රකාශ කළා.

අනතුරුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනයක් ගොනු කළ අතර, ඊට මැදිහත්වීමට හිටපු අමාත්‍ය පියසේන ගමගේ ඉල්ලා සිටියා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන මන්ත්‍රී ලැයිස්තුවේ පුරප්පාඩුවක් ඇති වුවහොත් මනාප සංඛ්‍යාව අනුව නව මන්ත්‍රී ධුරය හිමි වන්නේ හිටපු අමාත්‍ය පියසේන ගමගේටයි.

කෙසේ වෙතත්, නඩුවේ පාර්ශවකරුවෙකු වීමට ඔහු කළ ඉල්ලීම සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නීතිඥයින් විරෝධය පළ කර තිබෙනවා.

ඒ, හිටපු අමාත්‍ය පියසේන ගමගේ අභියාචනාධිකරණය හමුවේ සිදුවූ නඩු විභාගයේදී කැරණු දැක්වීමට ඉදිරිපත් නොවූ බව පවසමිනින්.

එහෙත් කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට මෙම පෙත්සමේ පාර්ශවකරුවෙකු වීමට අවසර ලබාදුන්නා.

පෙත්සම සැප්තැම්බර් 15 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories