උමා ඔය ගැන හොයන්න එකාබද්ධයෙනුත් කමිටුවක්

Saturday, 08 July 2017 - 13:18

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය ද තීරණය කර තිබෙනවා.

කමිටුවේ සෙසු සමාජිකයන් ලෙස පද්ම උදයශාන්ත, රංජිත් සොයිසා හා ඩලස් අලහප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කර ඇති බව සඳහන්.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය රජයට චෝදනා එල්ල වන බැවින් ඒ පිළිබඳ සොයා බැලිම සිදුකරන බවයි කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.

මේ අතර, උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට නෝර්වේ විශේෂඥයින් ලබන 31 වන දා දිවයිනට පැමිණෙන බව ඒ සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන් ලබාදෙන වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමඟ ආශ්‍රිත සියලුම කැණීම් කටයුතු තාවකාලිකව නතර කර ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළා.

එමෙන්ම, උමං මාර්ගය පහළ කොටසේ ඇති විදුම් යන්ත්‍රය දින 10 ක් ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද උපදෙස් ලබාදුන් බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.



    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories