ඩෙංගු මදුරුවන් ගෙදර ඇතුලේ - අවධානයෙන් සිටින්න සෞඛ්‍ය බලධාරින්ගෙන් උපදෙස්

Sunday, 09 July 2017 - 8:14

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+-+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
නවතම කීට විද්‍යා සමීක්ෂණවලට අනුව ඩෙංගු මදුරුවා නිවෙස් අභ්‍යන්තරයේම සිටින බවට අනාවරණ වී ඇතැයි අයි.ඩී.එච්. උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

ඒ හේතුවෙන් නිවස තුළ ඇති ජලය එක්රැස් වන ස්ථාන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට පියවර ගත යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

පැතිර යන ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ මාසය ඇතුළතද විශාල වශයෙන් රෝගීන් වාර්තාවීමක් අපේක්ෂා කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 80 732 ක් වාර්තාවී ඇති බවයි.

උණ රෝගය වැළඳී ඇත්නම් ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ අධික උණ, හිසරදය, ඇඟපත වේදනාව පවතින්නේ නම් එය ඩෙංගු රෝගය බවට සෑම විටම සැක පළ කළ යුතු බවයි.

එවන් අවස්ථාවක ප්‍රධාන වශයෙන්ම විවේක ගත යුතු බව සඳහන් කළ වෛද්‍යවරයා කියා සිටියේ පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ ලබානොගත යුතු බවයි.

උණ වැළඳී පැය 48 ක් ගතවූ පසු පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකරගත යුතු බවත්, එය සාමාන්‍ය වුවත් පැය 72 ක් ගතවූ පසුත් යළිත් පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකරගැනීම වැදගත් බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories