පේදුරුතුඩුවේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට - පරීක්ෂණයකට කොළඹින් පොලිස් කණ්ඩායමක්

Sunday, 09 July 2017 - 18:22

%E0%B6%B4%E0%B7%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පේදුරුතුඩුව ප්‍රදේශයේදී අනවසරෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද පස්වරුවේ අනවසරෙන් වැලි ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි.

මෙම සිද්ධියෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පේදුරුතුඩුව පොලිසිය ඉදිරිපිට නොසන්සුන්කාරීව හැසිරී ඇති බවයි.

මේ හේතුවෙන් පොලිසිය ඉදිරිපිට අද පස්වරුවේ උණුසුම් තත්වයක් ද හටගෙන තිබෙනවා.

මේ අතර පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියක් පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කොළඹින් විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්කර යවා ඇති බවයි.

ඒ පොලිස්පතිවරයා විසින්. පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශණ ඒකකයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් ඊට අයත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories