මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉල්ලා, වෛද්‍යවරුන් යළි වර්ජනයකට සැරසේ

Sunday, 09 July 2017 - 18:44

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%2C+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ආයුර්වේද නිෂ්පාදන සමාගමක තනතුරක් හොබවන මහාචාර්යවරයෙකු ශ්‍රී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරය සඳහා පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානම් වන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සම ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ එසේ වුවහොත් දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි වෛද්‍ය සභාවේ තනතුරු වෙනස් කිරීමට නොහැකි බවත්, ඔහුට ඒ සඳහා බලයක් ලබාදී නොමැති බවත්, වෛද්‍ය නලින්ද හේරත් එහිදී අවධාරණය කළා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවට හිතවත් අයෙකු වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව ද ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories