ජනපති හෙට බංග්ලාදේශයට

Wednesday, 12 July 2017 - 15:22

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තුන්දින රාජ්‍ය සංචාරයක් සඳහා හෙට බංග්ලාදේශය බලා පිටත්ව යනවා.

ඒ, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ ආරාධනයකට අනුවයි.

මෙහිදී ජනාධිපතිවරයා එරට අගමැතිනිය සමග මෙන්ම රජයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එසේම දෙරට අතර ගිවිසුම් කිහිපයකටද ජනාධිපතිවරයාගේ සංචාරයේදී අත්සන් තැබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ජනාධිපති නිල නිවසේදී එය කැඳවා ඇති අතර, එහිදී ඉදිරි මැතිවරණ පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවයි පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ.

එසේම, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories