පොලිතින් නිෂ්පාදකයන් විකල්ප ඉල්ලයි

Friday, 14 July 2017 - 7:36

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මයික්‍රෝන 05 ක හෝ 10 ක අගයකට ආහාර එතීම සදහා යොදා ගන්නා පොලිතින් නිෂ්පාදනය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා

මහනුවර ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති අනුර විජේතුංග මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සාමාජික පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ පොලිතීන් තහනම සම්බන්ධයෙන් රජය අවස්ථා කිහිපයකදී ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කළ බවයි.

ආහාර එතීම සඳහා භාවිත කරන පොලිතීන්, ෂොපින් බෑග් සහ  රිජිෆෝම් අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට රජය පසුගියදා තීරණය කළා.

එසේම, මයික්‍රෝන 20 ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතීන් භාවිතය, විකිණීම, නිෂ්පාදනය හා බෙදාහැරීම ද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories