අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Friday, 14 July 2017 - 10:58

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+19+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ ඔහු ගිලන් රථයකින් වැලිසර නාවික හමුදා රෝහලේ සිට අධිකරණය වෙත රැගෙන විත් මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මගින් වාර්තාවක් ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට මෙහිදී නියෝග කර තිබෙනවා.

හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා වත්තල මහේස්ත්‍රාත්වරිය ඊයේ දිනයේදී රෝහල වෙත පැමිණියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරියගේ දැනුම්දීමකට අනුවයි.

එහිදී ඔහු අද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇය නියෝග කළා.

2008 - 2009 කාල වකවානුවේ  කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් නිතීවිරෝධි ලෙස රඳවා තබාගෙන අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුට පෙරේදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණා.

එහෙත් ඔහු එදින රහස් පොලිසිය හමුවේ පෙනී නොසිටි අතර ඒ අනුවයි පස්වරුවේ වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අත්අඩංගුවට ගනු ලැබුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories