දෙසතියකින් ගම්මිරිස් සදහා ස්ථිර මිලක්

Friday, 14 July 2017 - 12:31

%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඉදිරි සති දෙක තුල ගම්මිරිස් මිලදී ගැනීම සදහා ස්ථිර මිලක් නියම කිරිමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉදිරියේදී කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ගෙන ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියා.

එමෙන්ම, මෙරට ග්‍රාමීය කර්මාන්ත තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.   

ගම්මිරිස් මිල පහත වැටී ඇති බව පවසමින් රත්නපුර - කොළොන්න ප්‍රදේශයේ ගම්මිරිස් ගොවීන් දහසකට අධික පිරිසක් ඊයේ ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගය ගොඩකවෙල ප්‍රදේශයෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.

විරෝධතාවයේ යෙදුණු පිරිසට කිසියම් පිරිසක් පහරදීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories