ජනපතිගේ බංග්ලාදේශ සංචාරය අතරතුර නව ගිවිසුම් 12කට අත්සන් තැබේ

Friday, 14 July 2017 - 14:00

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+12%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
බංග්ලාදේශයේ තුන්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට අගමැතිනි ෂීික් හසීනා අතර නිල හමුව අද පැවැත්වුණා.

එහිදී දෙරටට වැදගත් වන ආර්ථික වෙළඳ ක්ෂේත්‍ර මෙන්ම කලාපීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් කෙරෙහි වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් රැසකට අත්සන් කිරීම ද  ඊට සමගාමීව සිදුකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව සහ විශේෂ ආර්ථික කලාපයක් ඇති කර ගැනීම පිළිබදව ද මෙහිදී රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවදානය යොමු වී තිබෙනවා.

කෘෂි සහ ධීවර ක්ෂේත්‍රය මෙන්ම තොරතුරු තාක්ෂණය හා ත්‍රස්තවාදය මැඩලීමේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

බංග්ලාදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

නුදුරු දිනෙකදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ඇරයුම් කර ඇති අතර ඇය එය ඉතා සුහදශීලී ලෙස පිළිගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories