විද්‍යා ඝාතනයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට

Saturday, 15 July 2017 - 15:04

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85%E0%B7%80+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේ විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුට පැන යාමට ඉඩ සැලසීමේ චෝදනාව මත මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රහස් පොලිසිය අද (15) අත්අඩංගුවට ගත්තා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි.

ඔහු කයිට්ස් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

2015 වසරේ මැයි මස 13 වනදා ශිවයෝග නාදන් විද්‍යා සිසුවිය පැහැර ගෙන ගොස් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දැනට පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිනවා.

පසුගියදා පැවති නඩු විභාගයේදී හෙලි වුණේ අදාළ ඝාතනය ජාත්‍යන්තර වශයෙන් සැලසුම් සහගතව සිදුකර ඇති බවයි.

අපයෝජනය සිද්ධියේ වීඩියෝ දර්ශන සැකකරුවන් අලෙවි කර ඇති බව ද එහිදී හෙළි වුණා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාට පලායාමට අවස්ථාව ලබාදුන් බවට චෝදනා එල්ල වුණේ එවකට යාපනය ප්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories