හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වැලිසර නාවික හමුදා රෝහලට

Saturday, 15 July 2017 - 19:56

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක කොළඹ ජාතික රෝහලේ සිට වැලිසර නාවික හමුදා රෝහල වෙත යවා තිබෙනවා.

ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මෙලෙස ඔහු මීට පෙර ප්‍රතිකාර ලැබූ නාවික හමුදා රෝහල වෙත පිටත් කර යැවීමට පියවර ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙනිය කියා සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ - කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ නියෝග කළා.

මහේස්ත්‍රාත්වරිය එහිදී බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය පරිදි ඔහුට ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහු පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

කොමදෝරු ඞී.කේ.පී. දසනායක අත්අඩංගුවට ගැනුණේ 2008 - 2009 කාල වකවානුවේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන අතුරුදන් කිරීමේ සිද්ධියකට අනුබල දීමේ චෝදනාවකටයි.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම්දීමක් සිදුකර තිබූ අතර, එහි නොපැමිණීම නිසා වැලිසර නාවික හමුදා රෝහලේදී රහස් පොලීසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories