පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පක්ෂ නායකයින් හමුවුණා.
ඒ, අරලියගහ මන්දිරයේදීයි.
මෙම හමුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියා.
ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා ද මෙම සාකච්ඡාව සඳහා එක්වූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව ඒකාබද්ධ විපක්ෂය වර්ජනය කරනු ලැබුවා.
පැය එක හමාරකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී දැනට කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය මේ වසර අවසන්වීමට පෙර පැවැත්වීම සම්බන්ධයෙන් අවදානය යොමු වී තිබෙනවා.
එමෙන්ම එය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමටයි පක්ෂ නායකයින් එකඟතාවය පළ කර ඇත්තේ.
කෙසේ වෙතත්, මීගමුව - කොච්චිකඩේ අද පැවැති රැස්වීමකට එක්වෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ මැතිවරණයට බිය වී ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දමමින් සිටින බවයි.

Follow US
Most Viewed Stories