ජනපතිට සහ අගමැතිට සිතාසි

Monday, 17 July 2017 - 12:13

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද යළි නොතීසි නිකුත් කෙරුණා.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එමෙන්ම මෙම නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට 12 වනදා දක්වා විභාගයට ද අද දින නියම කළා.

පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

2014  වසරේ දෙසැම්බර් මස දිනකදී කොළඹ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා මෙම හෙලිදරව්ව සිදු කර තිබුණා.

කෙසේ වෙතත් මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදී එහි පළමු සහ දෙවන සාක්ෂිකරුවන් වන අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන්  පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ රාජකාරිමය අවශ්‍යතාවයන් මත තම සේවාදායකයන්ට අද දිනයේ අධිකරණයට පැමිණිය නොහැකි බවයි.

ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මොවුන්ට යළි සිතාසි නිකුත් කරන ලෙසයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories