උමාඔය ඇමති අනු කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට

Tuesday, 18 July 2017 - 13:02

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F%E0%B6%94%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටු වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබදව කඩිනමින් සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙසටයි.

අමාත්‍යවරුන් වන විජිත් විජයමුණි සොයිසා සහ පාඨලී චම්පික රණවක ද එම කමිටුවට ඇතුළත්.

පසුගිය දා බණ්ඩාරවෙල නගරයේ සහ උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් වූ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුවයි මෙම වාර්තාව සකස් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories