රජයේ වෛද්‍යවරුන්ට එරෙහි නව සංගමයත් සයිටම් විරෝධියී

Wednesday, 19 July 2017 - 13:07

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%93
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව පිහිටුවා ගන්නා ලද ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයද මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ බව එම සංගමයේ සභාපති වෛද්‍ය රුචිර සරණපාල පවසනවා.

මෙම නව සංගමයේ මහා සභා රැස්වීම කොළඹ පදනම් ආයතනයේදී අද (19) පස්වරුවේ පැවැත්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්.

බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරි සංගමය නමින් පැවති මෙම සංගමයේ නම වෙනස් කර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් වෙන් වූ වෛද්‍යවරුන් පිරිසක් නව සංගමය පිහිටුවා ගත් බව එහි සභාපති වෛද්‍ය රුචිර සරණපාල කියා සිටියා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී පොදු දේපලවලට හානි කිිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර ඇතුලූ සිසුන් 05 දෙනා අද පෙරවරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

කෙසේ වෙතත්, නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සදහා නීතිපති උපදෙස් අවශ්‍ය බැවින් නඩුව පස්වරු 1 දක්වා කල් දැමීමටයි මහේස්ත්‍රාත් දුලානි එස්.වීරතුංග නියෝග කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories