කොමදෝරු ඩී.කේ.පී. දසනායක යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Wednesday, 19 July 2017 - 15:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB%E0%B7%94+%E0%B6%A9%E0%B7%93.%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%AF%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීම සහ අතුරුදන් කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක අගෝස්තු මස 2 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාවික හමුදා සෙබළුන් 6 දෙනාද යළිත් අගෝස්තු මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කර ඇත්තේ.

කොමදෝරු ඩී.කේ.පී. දසනායක රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ පරිදි පළමුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, අනතුරුවයි ඔහුව යළිත් ප්‍රතිකාර සඳහා වැලිසර නාවික හමුදා රෝහලට යොමු කෙරුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories