උසස් පෙළ උපකාර, දෙවනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

Wednesday, 19 July 2017 - 15:59

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%2C+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
උසස් පෙළ විභාගයට අදාළව අගෝස්තු දෙවනදා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු උසස් පෙළ උපකාරක පන්ති සංවිධාන කිරීම සහ පන්ති මෙහෙයවීම තහනම් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එසේම සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීමද තහනම් වන බවයි.

එමෙන්ම ප්‍රශ්න පත්‍රවල සඳහන් ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම ද තහනම් වනවා.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කළහොත් පොලීසිය දැනුම්වත් කරන ලෙසද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories