අතුරුදන් වූ දෙදෙනෙකුගේ මළසිරුරු වසර 75 ක පසු හමුවෙයි (ඡායාරූප)

Thursday, 20 July 2017 - 11:53

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96++%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+75+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
1942 වසරේදී ස්‌විස්‌ටර්ලන්තයේ ඇල්ප්ස්‌ කඳුයායේදී අතුරුදන් වූ මර්සිලින් සහ ප්‍රැන්සයින් ඩබ්මව්ලින් යුවළගේ සිරුරු පසුගිය දා සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

චැන්ඩොලින් ගම්මානයේ පදිංචිව සිටි මෙම යුවළ තම එළදෙනුන්ගෙන් කිරි ලබා ගැනීම සඳහා වැලැයිස්‌ ප්‍රාන්තය වෙත යන අතරේ එම අනතුරට මුහුණ දී ඇති බවයි සඳහන් වන්නේ.

ගම්වාසීන් ඔවුන්ව සෙවීමට දැරූ උත්සාහය අසාර්ථක වීම නිසා ඔවුන්ගේ දරුවන් හත්දෙනා අනාථ නිවාසයකට බාර දී තිබෙනවා.

තම මව්පියන් කඳුයායේ අතුරුදන් වන අවස්ථාවේ සිය වයස 4ක්‌ බව පැවසූ දියණියක්‌ පසුගිය කාලය මුළුල්ලේම මව්පියන්ව සෙවීමට ක්‍රියා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
ඒ අනුව මෙම යුවළගේ දියණිය වසර 75 කට පසුවත් එම සිරුරු තම දෙමව්පියන්ගේ බව සනාථ කර ගෙන තිබෙනවා.













Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories